Monday, 6 February 2023

ගේමක් ගහන්නේ මෙහෙමයි 




ෆින්ලන්ත වගේ ස්කන්දිනේවියන් රටක සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන එක ලේසි වැඩක් නෙමේ පුථී. හැබැයි හරි මාර්ගයේ ගිහොත් කිරි කජු වගේ වැඩක්. මේ වැඩේ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියල ක්‍රම වේදයක් නැ . සාර්ථකත්වය ගන්න ඕනේ කරන මෙතඩ් ගොඩක් තියනවා.ඒවා පාවිච්චි කරලා තමා මේ වැඩේ කරගන්න තියෙන්නේ. මම මේ ගයිඩ් එක හදන්නේ ෆින්ලන්ඩ් වල සොෆ්ට්වෙයා ජොබ් එකකට ඕනේ කරන මුලික දැනුම සහ කෙනෙක් හිතන්න ඕනේ විදිහ ගැන පමණයි. ඒ වගේම තව සැහෙන්න දේවල් මේ එක්කම බද්ද වෙලා යනවා. අපි ඒවා ගැන එකිනෙක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

ලංකාවේ හුගක් සොෆ්ට්වෙයා කරන කට්ටිය බලන්නේ තමන්ගේ අද්යාපන මට්ටම එකේ කොච්චර තමන් උසස් ද කියන එක. මෙහෙදී එක එච්චරම බලන්නේ නැ . ඒ නිසා හිතනවා නම් තමන් PHD එකක් කරලා ඉන්නේ ඒ නිසා ෆින්ලන්ඩ් වලින් මට ජොබ් එකක් ලගටම ගෙනත් දෙන්න ඕනේ කියල එහෙනම් මේ ගයිඩ් එක මෙතනින් එහා කියවනන්ත් එපා. හරි එහෙනම් මොකක්ද දැන් මෙතැන වෙන්නේ. යුරෝපා රටවල් බොහොමයක් කාර්මික අතින් දියුණුව ලබපු රටවල්. ඒවගේ තියන සොෆ්ට්වෙයා ත් ඒ කාර්මික පැත්ත එක්ක බර වෙලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ශේස්ත්‍රයේ පළපුරුද්ද තමා මෙතැනදී බලන්නේ. ඒක කෙනෙක්ව මෙහෙට ගන්න පටන් ගන්න මුල ඉදන් බලන දෙයක්. ඉතින් මම ආරාධනා කරනවා තමන්ගේ ඔලුවේ තියන සේරම පැත්තක තියලා මේ වැඩේට බහින්න කියල 


එහෙනම් මොන මගුලක් ද දැන් කරන්න කියන්නේ?


හරි කලබල වෙන්න එපා. දැන් කරන්න තියෙන්නේ ඕවරෝල් මේ සිස්ටම් එක ගැනම සහ එකේ වැඩ වෙන විදිහ සරලව ඉගෙන ගන්න එක. කෙටියෙන්ම කිව්වොත් ගල් බදින්න විතරක් නෙමේ ප්ලැන් එක අදීන තැන ඉදන් වහලේ ගහලා ගේ ෆිනිෂ් කරනකන් තියන වැඩේ දැනගන්න එක තමා කරන්න තියෙන්නේ. 


ෆුල් සෙට් කන්සෙප්ට් එක 

මේක දැන් ගුගල් එකේ ගහලා බලන්න එපා ඉතින් මේක මම දාපු නමක්. මේකේ තියෙන්න අර වගේ ජොබ් එකක් හොයාගන්න සහ ඉක්මනින් මේ පැත්තේ හොද අත්තකට නගින්න ඕනේ කරන වැඩ පිළිවෙල. මම මේක දෙන්නේ developer කෙනෙක්ට. හැබැයි මේකම අදාළ වෙනවා පරිගණක මත්තේ අනික් යටත් හොදේ. ඒ කියන්නේ QA කරන අක්කලා නන්ගිලාටත් මේකම තමා ඕනේ වෙන්නේ. 

No comments:

Post a Comment

ගේමක් ගහන්නේ මෙහෙමයි  ෆින්ලන්ත වගේ ස්කන්දිනේවියන් රටක සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන එක ලේසි වැඩක් නෙමේ පුථී. හැබැයි හරි මාර්ගයේ ගිහොත් කිරි කජ...